එරාවුර් පොලිස් ස්ථානය අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.
ඊයේ(08) උදෑසන මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතායි. පහරදීම හේතුවෙන් තුවාල සිදු වූ බව පවසමින් මන්ත්‍රීවරයාව රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ උදෑසන 6.00ට පමණ මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී පහරදීමක් සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු තමාට පහර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් ප්‍රකාශ කළා.
The post පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පහරදීමක්! මන්ත්‍රීවරයාව රෝහල්ගත කරයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/vKQN81r
via IFTTT

