Loading..

ළමුන් පීඩාවට පත් කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණයක්!

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් දරුවන්ට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාග තුළින් දරුවාට එන මානසික පීඩන අවම කිරීම සඳහා විසඳුම් සෙවීමට විශේෂඥ කමිටුවක් රජය විසින් පත්කරන බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

පාසල් අතර ඇති විශමතාවය හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය තරග විභාගයක් වී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය පැවසූවේ, පාසල් අතර ඇති ගුණාත්මක භාවයේ විශමතාවය නැතිකිරීමට උත්සහා කරනා බවයි.

“5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග එන්නේ පාසල් අතර තියෙන විශමතාවය නිසා දක්ෂ දරුවන්ට හොඳයි කියන පාසලකට ඇතුළු වෙන්නේ අවස්ථාව සලසා දෙන්නේ.

අපි හිතන්නේ නෑ මේ තියෙන තත්ත්වය තුළ ඒකට අපිට ලොකු වෙනස්කමක් කරන්න පුළුවන් කියලා. අපි උත්සහාකරන්නේ පාසල් අතර තියෙන විශමතාවය ක්‍රමාණූකූලව තැතිකරලා හොඳ පාසල්, හොඳ නැති පාසල්, ජාතික පාසල්, ජාතික නොවන පාසල් වැනි විශේෂයෙන්ම ගුණාත්මක භාවයෙන් විශමතා තියෙන පාසල් ක්‍රමය වෙනස් කරන්න.

ඒකට අපිට යම් කිසි කාලයක් යයි. එතෙක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අපිට පවත්වන්න වෙනවා. නමුත් උත්සහා කරන්නේ  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් එන මානසික පීඩනය අවම කරන්න. ඒ සඳහා අපි විශේෂඥ කමිටුවක් එන අවුරුද්දේ පත්කරන්න නියමිතයි.

අපි හිතනවා බොහෝදුරට ඒ මානසික පීඩනය ළමයින්ට දෙන්නේ නැති විභාගයක් 2028 සිට ක්‍රියාත්මකරන්න පුළුවන්. නමුත් ඇත්තටම මේකට විසඳුම එන්නේ පාසල් අතර තියෙන ගුණාත්මක භාවයේ විශමතාවය නැතිකිරීම. ඒක අපේ දිර්ඝ කාලීන සැලැස්ම තුළ තිබෙනවා.”

The post ළමුන් පීඩාවට පත් කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/y5hfkVb
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.