Loading..

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට පිළිකා රෝගයෙන් පෙළුණු ඇය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.

1964 වසරේදී හම්බන්තොට මුල්කිරිගලදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසුවූවාය.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබේ.

ඊට අමතරව ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත.

එසේම ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන තිසුරි යුවනිකාගේ ආදරණීය මෑණියන් වේ.

The post ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GJAV217
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.