යාපනය, තෙලිප්පලෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසනවා.
මෙම සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහලේ පිරිසිදු සේවා කටයුතු වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් හරහා සේවයට යොදවා සිටි පුද්ගලයෙකුයි.
අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහුව මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
The post තවත් ඛේදවාචකයක්! රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/a4outWh
via IFTTT

