Loading..

අදට යෙදෙන මැදින් පුර පසළොස්වක පෝයෙහි ඇති වැදගත්කම

ලොව පුරා වෙසෙන බෞද්ධ බැතිමතුන් ඉතා භක්තියෙන් සමරන මැදින් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා.

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරාදීන්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකීම සඳහා වැඩම කිරීම සිදු වූ බවයි සඳහන් වන්නේ.

සුද්ධෝදන රජු තම පුත‍්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසු වූ අතර නව වතාවක්ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට දූත පිරිස් යැවීමට කටයුතු කළා.

ඒ සියලු දෙනාම බුදුරදුන් සමීපයේ පැවිදිව එහිම කල් ගෙවූහ.

අනතුරුව කාළුදායි ඇමැතිවරයා දූත පිරිසක් සමග බුදුරදුන් වැඩමවා ගෙන ඒමට යැවූ අතර ඔහු ද බුදුරදුන් වෙත ගොස් පැවිදිව නොබෝ දිනකින් බුදුරදුන් අමතා පියරජු ඇතුළු ශාක්‍ය වංශික ඥාතීහු උන්වහන්සේ දැක බලා ගැනීමට ඉමහත් කැමැත්තෙන් සිටින බව දැන්වීය.

කාළුදායි රහතන් වහන්සේ මහණ වී සතියකින් පමණ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත්පුරයට වඩින ලෙසට ආරාධනා කළහ.

එවිට බුද්ධත්වයෙන් දස මසක් සම්පූර්ණ වී තිබුණා.

අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේදීය.

දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේද මැදින් පෝය දිනකදීය.

රජ කිරුළ හැර දමා ගොස් පැවිද්ද ලැබූ සිද්ධාර්ථ කුමරුන්ගෙන් පසුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව ඉන්පසුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කනස්සල්ලට පත්වීම නිසා දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදීය.

යශෝධරාවන්ගේ සිත තුළ පැවැති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේද අද වන්වූ මැදින් පුර පසළොස්වක දිනයකදී බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

The post අදට යෙදෙන මැදින් පුර පසළොස්වක පෝයෙහි ඇති වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RG6swI8
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.