රජය මෙවර අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප්, වැටුප් වර්ධක හා දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමට නියමිතයි.
එමෙන්ම එම මාසයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මාසික වැටුප් ලබාදීමේ සාමාන්‍ය දිනට ප්‍රථම එනම් අප්‍රේල් 10 වැනිදා එම වැටුප ලබාදීමටත් කටයුතු සූදානම් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වසර 2025 අදාළ අය – වැය මාර්තු 21 වැනිදා සම්මත කර ගැනීමෙන් පසු වැඩි කළ වැටුප් හා දිරිදීමනා ලබාදීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට රජය කටයුතු යොදා තිබේ.
වසර 2025 අය-වැය ඉකුත් පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමැති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවක වැටුප්, දිරිදීමනා වැඩි කිරීමට යෝජනා කළේය.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21වැනි දා පැවැත්වීමට නියමිතය.
The post වැඩි කළ රාජ්‍ය සේවක වැටුප ගැන ඇහෙන අලුත්ම ආරංචිය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qSJfLrE
via IFTTT

