රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් වයඹ පළාත් සභාවේ පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස්කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් ඇය විසින් මෙම අල්ලස් මුදල් ඉල්ලා තිබේ.
ඒ අනුව ඊයේ (17) ඇය සේවය කරනු ලබන කාර්යාලයේ නිල මේසය අසලදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
The post අල්ලස් ගත් රජයේ නිළධාරිනියක් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/cYQUqh6
via IFTTT

