Loading..

කොළඹ නාගලගම් වීදියේ වෙඩි තැබීමක්! තරුණයින් දෙදෙනෙකුට තුවාල!

ග්‍රෑන්ඩ් පොස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී ඊයේ (17) පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇත්තේ අවුරුදු 22 සහ 28 යන වයස්වල ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

The post කොළඹ නාගලගම් වීදියේ වෙඩි තැබීමක්! තරුණයින් දෙදෙනෙකුට තුවාල! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SFTXIew
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.