Loading..

ගුරුවරියකට කොසු මිටකින් පහර දුන් තවත් ගුරුවරියකට වැඩ වරදියි

කොසු මිටකින් සහ කුඩයකින් පහර දී ගුරුවරියකට තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින ගුරුවරියක එකී චෝදනාවට වරදකාරිය බවට තීන්දු කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර ගුරුවරියට දඬුවම් නියම කිරීම අප්‍රේල් 23 වැනි දිනට කල් තැබිණි.

එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අතිරේක මහෙස්ත්‍රාත්වරිය විත්තිකාර ගුරුවරියට නියෝග කරනු ලැබුවාය.

මෙසේ අධිකරණය හමුවේ වරදකාරියක වූයේ මිහින්තලේ කන්නට්ටිය ගල්වල හංදිය පදිංචිකාරියක වන 54 හැවිරිදි පාසල් ගුරුවරියකි.

2021 වසරේ සැප්තැම්බර් මස 30 වන දින මිහින්තලේ කන්නට්ටිය පදිංචි 59 හැවිරිදි ගුරුවරියකගේ නිවසට ඇතුළු වී කොසු මිටකින් සහ කුඩයකින් එම ගුරුවරියට පහර දී තුවාල සිදු ළෙ බවට ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 434 සහ 314 සහ 316 යන වගන්ති ප්‍රකාරව විත්තිකාර ගුරුවරියට එරෙහිව මිහින්තලේ පොලිසිය අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

පැමිණිළිකාර ගුරුවරියගේ ගෙවත්තේ ඇති පාළු ළිදකට වල් ඌරන් දෙදෙනකු වැටී මිය ගොස් දුගඳ හමන බව පවසමින් බැන වැදී පසුව ගැටුමක් ඇති කර ගෙන විත්තිකාර ගුරුවරිය මෙම පහරදීම් සිදු කර ඇති බවද අධිකරණ නඩු විභාගයේ දී හෙලි විය.

(source – aruna)

The post ගුරුවරියකට කොසු මිටකින් පහර දුන් තවත් ගුරුවරියකට වැඩ වරදියි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GyuBESM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.