Loading..

දෙවිනුවර දේවාලය අසල වෙඩි වරුසාවක් පත්තු වෙයි! තරුණයින් දෙදෙනෙක් මරුට! වෙඩික්කරුවන් පැමිණි වාහනය ගිනි තබා පලා ගිහින්!

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනාගේ යහලුවෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට සහභාගි වි නැවත සිය නිවෙස් වෙත පැමිනෙමින් සිටියදි පසුපසින් පැමිණි වැන් රථය යතුරු පැදියේ හප්පා යතුරු පැදියේ ගමන් කල තරුණයින් දෙදෙනාට ඉන් අනතුරුව මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලීසිය සිදු කල මුලික විමර්ශන වලදි අනාවරණය වූ බවද පොලීසිය පවසනවා.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබේ.

මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අළුයම් කාලයේදිම සිදුකර තිබෙනවා.

වෙඩි තැබිම සිදු කල පුද්ගලයින් හෝ මෙම වෙඩි තැබිමට හේතුව පිලිබදව මේතෙක් කිසිවක් අණාවරණය නොවන බවත් වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදව විමර්ශන කටයුතු සිදුවන බව පොලසිය පවසයි.

The post දෙවිනුවර දේවාලය අසල වෙඩි වරුසාවක් පත්තු වෙයි! තරුණයින් දෙදෙනෙක් මරුට! වෙඩික්කරුවන් පැමිණි වාහනය ගිනි තබා පලා ගිහින්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fJWaru5
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.