Loading..

ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වෙයි

වෙඩි වැදීමෙන් අසාධ්‍යව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම ජීවිතක්ෂයට පත් වුණා.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදීයි.

සාදයකට සහභාගිවී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කළ අතර ඉන් සුළු මොහොතකට පසු පොලිසිය විසින් මාධ්‍ය වෙත සඳහන් කළේ ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.

කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

අනතුරුව අද උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් තහවුරු කර තිබුණේ වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාර දෙකක් ඩෑන් ප්‍රියසාද්ගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

The post ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vCRokJz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.