පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව අද (13) සිට එළැඹෙන අප්‍රේල් 21 වැනිදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.
විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී ඇති බවත් මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවත්ය.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති බවත් ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්දි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙම කාල සීමාව තුළදී ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.
The post විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/9KptA2H
via IFTTT

