Loading..

රෝගයක ශීඝ්‍ර ව්‍යාප්තියක්! අප්‍රේල් මාසයට රෝගීන් 5,000ක්!

මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ගත වූ කලාය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

“ඩෙංගු මරණ වාර්තා වෙලා තියෙන්නේ 6ක් පමණයි. නමුත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ දී 5,018ක් වාර්තා වෙලා තියෙනවා. පසුගිය සති කිහිපයේ දී අපි දකිනවා ක්‍රමානුකූලව ඩෙංගු රෝගීන්ගේ දෛනිකව ක්‍රමක් ක්‍රමයෙන් ඉහළයෑමක්.

වර්තමානයේ පවතින කාලගුණ තත්ත්වය, ඒ වගේම ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා නිරිත දිග මෝසම් වැසි සමඟ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉදිරියේ දී වර්ධනය වීමේ අවදානමක් තියෙනවා.

ඒ වගේම ඩෙංගු වාහක මඳුරුවන්ගෙන්ම බෝවෙන තවත් වෛරස වර්ගයක් වන චිකන්ගුන්යා රෝගයත් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන මෙන්ම තවත් දිස්ත්‍රික්කවලත් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. ඉදිරියේ දී වාහක රෝග සම්බන්ධයෙන් අවදානමක් තියෙන නිසා සෞඛ්‍ය ජනරාල් විසින් ප්‍රකාශයට පත්කළා මැයි මාසය විශේෂ මඳුරු මර්දන මාසයක් ලෙස.”

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“විශේෂයෙන් මඳුරුවන් බෝවෙන රජයේ සහ පෞද්ගලික ආයතන පාසල්, ඉදිකිරීම් කේෂ්ත්‍ර, ආගමික සිද්ධස්ථානවල සෑම සතියකම දිනක් මඳුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම සඳහා සියලුදෙනාගේම අවධානය යොමු කරලා කටයුතු කිරීම අපි බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම මඳුරුවන් බෝවෙන තැන් නොසලකා හැර ඇති නිවසක් හෝ ආයතනයක් ඇත්නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

The post රෝගයක ශීඝ්‍ර ව්‍යාප්තියක්! අප්‍රේල් මාසයට රෝගීන් 5,000ක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ThDRmOS
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.