Loading..

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනාව ගැන විශේෂ නිවේදනයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දී ඇත්තේ, සත්‍ය තත්ත්වය වන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජුනි මස සිට දෙසැම්බර් මස දක්වා පමණක් බවයි.

අනතුරුව රජය විසින් ගත් තීරණයකට අනුව මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මස දක්වා දීර්ඝ කිරීමට රජය නැවත වරක් තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම නැවත වරක් අදාළ කාණ්ඩයේ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මස දක්වා දීර්ඝ කිරිමට රජය තීරණය කළ අතර ඒ අනුව අදාළ දීමනාව අප්‍රේල් මස දක්වා දීර්ඝ කළ බවද නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි මෙම කාණ්ඩයට අයත් දීමනා එකවර ගෙවීම නතර කිරිමක් නොවන බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය එම නිවෙදනයෙන් දැනුම් දී තිබේ.

The post අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනාව ගැන විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MPvGAuC
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.