Loading..

තුසිත හල්ලොලුව ගමන්ගත් මෝටර් රථය ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක්

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෑතකදී මතභේදාත්මක ප්‍රකාශයක් කළ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සහ පහරදීමක් නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සහ පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම වෙඩි තැබීමෙන් ඔහුගේ මෝටර් රථයටද හානි සිදුව ඇති අතර, එම අවස්ථාවේ එහි නීතිඥවරයෙකුද සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව, වෙඩික්කරුවන් තුසිතහල්ලොලුවට අයත් වාහනයේ තිබූ ලේඛන අඩංගු ලිපිගොනුවක්ද රැගෙන පලාගොස් තිබෙනවා.

The post තුසිත හල්ලොලුව ගමන්ගත් මෝටර් රථය ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PZ3Wnj0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.