Loading..

පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක් පත්තු වෙයි

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව වාර්තා වේ.

The post පානදුර මාදුපිටියේ වෙඩි වරුසාවක් පත්තු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/okb4FiG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.