සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රියේ පැමිණි අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියා.
ඇගේ දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මේ වනවිට තැන්පත් කර ඇත.
නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
The post නිළි රැජිනියට අවසන් ගෞරව දක්වන්න ජනපති පැමිණෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/FVNvqis
via IFTTT

