Loading..

ජනපති හොඳටම සැර වෙයි! බාධාකළොත් බලාගෙනයි!

ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට ඉඩ නොදෙන්නේ නම් තම පක්ෂය පරාජය වූ ආයතන වලද බලය පිහිටු වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පළාත් පාලන ආයතන 152ක මන්ත්‍රිවරු ගැසට් කර විගසම ඒවායේ බලය පිහිටුවීමේ හැකියාව තිබෙන බවත් තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රිවරු සංඛ්‍යාවක් සිටින්නේ තම පක්ෂයට බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග කර ජයගත් අපේක්ෂකයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“ඒත් යම් යම් පාර්ශ්ව එකතු වුණාම අපි ටිකක් පිටිපස්සෙන් ඉන්නවා. ඒත් ඒ 115ම අපිට බලය පිහිටුවන්න හැකියි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි වෙනත් දේවල් කරන්න ආවොත් ඒ ඉතුරු ආයතනවලත් අපිට බලය පිහිටුවන්න පුළුවන්. අලුත් අදහස් වලට ඉඩ දෙන්න ඕන. නව නායකයන් හදන්න ඕන.”

The post ජනපති හොඳටම සැර වෙයි! බාධාකළොත් බලාගෙනයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RjNOa3d
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.