Loading..

දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරුගේ ලක්ෂ සිය ගණනක දේපළ තහනම් කරයි

දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ අද (28) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරනු ලැබීය.

ඊට ඇඹිළිපිටිය මහ රෝහල ආසන්නයේ පිහිටි තෙමල් ගොඩනැගිල්ලක්, චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළු දේපළ ඇතුළත් බව සඳහන්.

මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වීම හේතුවෙන් අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කර තිබේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (29) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

The post දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරුගේ ලක්ෂ සිය ගණනක දේපළ තහනම් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i3hUVYT
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.