හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරය නැවත භාරගන්නා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
පසුගිය නොවැම්බර් මස මහ මැතිවරණයෙන් පසුව ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය.
මහමැතිවරණයේදී ලද පරාජයෙන් අනතුරුව පක්ෂයේ සිදුවිය යුතු ප්‍රතිසංවිධානයන් පිළිබඳව ඔහු පක්ෂ නායකත්වයට දැනුවත් කිරීම සිදු කළද ඒ වෙනුවෙන් ධනාත්මක පිළිතුරක් නොලැබීම ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා හේතූ වූ බවයි එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ.
නමුත් ඊට පසුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ධුරයට ඉමිතියාස් බාකිර් මාකර් මහතා නැවත පත්කරනු ලැබුවේය.
කෙසේ වෙතත් ඒ මහතා එම ධූරය භාර ගැනීම මේ දක්වා කර නැති අතර ඔහු එය බාර නොගනු ඇති බවද එම ආරංචිමාර්ග පවසනවා.
The post ඉමිතියාස් බාකීර් මාකරුත් සජිත් ප්‍රේමදාසට බෑ කියයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/zM3lAVF
via IFTTT

