දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබෙනවා.
එමෙන්ම චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු කර තිබෙනවා.
“ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්.
මෙම සිදුවීම පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේ 32 වන පන්දුවාරයේදී සිදුව තිබූ අතර එහිදී ඇනරි ඩක්සන් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු චමරි ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී ගියා.
The post චමරි අතපත්තුට ICC යෙන් දඩයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/YJ9oKhk
via IFTTT

