Loading..

මෝටර් රථ 3000ක් රැගත් නෞකාවක් ගිනි ගනී

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබේ.

එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත.

2023 වර්ෂයේදී ද මේ ආකාරයෙන් ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500යකට ආසන්න ප්‍රමානයක් සමග මෝටර් රථ 3,000ක් රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනිගැනීයමට ලක්ව තිබූ බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

The post මෝටර් රථ 3000ක් රැගත් නෞකාවක් ගිනි ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/j0AD5vK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.