එළැඹෙන සතියේ අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුව ඔහු මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
එම අවස්ථාවේදී ඇතැම්විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට පවා එළැඹිය හැකි බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් පැය 48 කට පමණ පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් අමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවත්, එයින් ඇඟවෙන්නේ වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයක් කළ නොහැකි බවත්ය.
The post අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/7B0PyQE
via IFTTT

