Loading..

එට්නා ගිනිකන්ද සක්‍රීය වෙයි

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන ලෝක ප්‍රසිද්ධ එට්නා ගිනි කන්ද සක්‍රීයව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙවර එහි දැවැන්ත පිපිරීමක් පෙන්නුම් කරන බවත් ඉන් කිලෝමීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවතින බවයි.

මේ අනුව එහි සිටින සංචාරකයින් සහ කදු නගින්නන් වහාම ඉන් ඉවත් කෙරුණි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ එම ප්‍රදේශය ආශ්‍රිතව සියලුම ගුවන් ගමන් නතර කර ඇති බවටත් සිසිලියානු සිවිල් ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර තිබෙනවා.

ලොව වඩාත්ම සක්‍රිය ගිනිකදුවලින් එකක් ලෙස එට්නා ගිනිකන්ද සැලකෙන අතර මෙවර සක්‍රියවී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

The post එට්නා ගිනිකන්ද සක්‍රීය වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YMJoiaf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.