Loading..

ටීචර් අම්මාට තවත් අකරතැබ්බයක්

ඒෂියා මිරකල් (2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ශිෂ්‍යත්ව විභාග දේශකවරිය හා වසරේ ජනප්‍රියතම ගුරුවරයා සම්මානය හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය හිමි කර ගැනීමට සමත් වුණා.

නමුත් ඒ පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වූයේ එම සම්මානය ඇයට පිරිනැමීම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වේදිකාවේ සිටියදී  ඇයට එම සම්මානය පිරිනැමීම සිදු කළ අතර සම්මානය ලබාදීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු වෙනුවට ඒ ආසන්නයේ සිටි වෙනත් පුද්ගලයෙකු සම්මානය පිරිනමනු ලැබුවා.

ඒ පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ,   ලංකාවේ ගුරුවරුන් අතරින් හොඳම ගුරුවරිය හයේෂිකා ප්‍රනාන්දු නොවන හෙයින් ඒෂිය මිරකල් සම්මාන උළෙලේදී තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ඇයට එම සම්මානය ලබාදීමට නොහැකි නිසා එය ප්‍රතික්ෂේප කළ බවයි.  

මෙරට ගුරු විදුහල්පතිවරුන් දෙලක්ෂ හැටපන්දහසක් පමණ සිටින අතර එම විශාල සංඛ්‍යාතය අතරින් හොඳම ගුරුවරිය ලෙස හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරියව තෝරාගැනීම පිළිබඳව තමන් පුදුමයට පත් වුණූ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එබැවින් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව එවැනි සම්මානයක් තමන් විසින් ඇයට දීමේ හැකියාවක් නොතිබුණූ බවයි අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසන්නේ.

ඒ අනුව තමන්  නිහතමානීව සම්මානය ලබාදීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

The post ටීචර් අම්මාට තවත් අකරතැබ්බයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/c3Nn5oK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.