Loading..

නවකවධය දරාගත නොහැකිව වැවට පැන්න සිසුවිය තොරතුරු රැසක් හෙළිකරයි

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය දරාගත නොහැකිව වැවකට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබුණි.

ප්‍රදේශවාසීන් විසින් අදාළ සිසුවිය බේරාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු හා සිසුවියක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය පැවසීය.

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නවක සිසුවියක් ඒ අසල වූ වැවකට පැනීමේ සිදුවීම වාර්තා වුණේ  පසුගිය ඉරිදා (02) පස්වරුවේදී ය.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අදාළ සිසුවිය බේරාගන්නා ආකාරය පුද්ගලයෙකු විසින් රූපගත කර තිබුණි.

අනතුරුව සිසුවිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය පිළිබඳ  සිදුකරන විමර්ශනවලට අදාළව කුලියාපිටිය පොලීසිය සිසුවියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ තමන් කුලියාපිටිය කාර්මික විද්‍යාලය තුළදී දරාගත නොහැකි ලෙස නවකවධයට ලක්වන බවය.

තමන් පැවසීමට නොහැකි ආකාරයේ වධ හිංසනයන්ට මුහුණදුන් බවද පොලීසිය හමුවේ පවසා තිබේ.

අනතුරුව අප මේ පිළිබඳව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ විදුහල්පති චන්දන අභයලාල් මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු පැවසුවේ, සිදුවීම සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලය මට්ටමෙන්ද විමර්ශනයක් සිදුකරන බවය.

එවන් පසුබිමක සිසුවියට නවකවධය දුන් බවට පැවසෙන කාර්මික විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනෙකු හා සිසුවියක් ඊයේ(03) කුලියාපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන්  නවකවධ පනත යටතේ අද (04) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.

(source – adaderana)

The post නවකවධය දරාගත නොහැකිව වැවට පැන්න සිසුවිය තොරතුරු රැසක් හෙළිකරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Rh1LNGI
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.