මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මාතර බන්ධනාගාරයේ පවතින අඩු පාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව කීය.
මාතර බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය කටයුතු සඳහා ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සඳහා විසදුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහත්වරුද මීට සහභාගී වූහ.
The post මාතර බන්ධනාගාරය කොටවිලට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6N94poD
via IFTTT

