Loading..

රාජිත සේනාරත්නගේ පුත්‍රයාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

තම පියා අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කලත් නොකලත් මෙම ආණ්ඩුව පෙරළා දමන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසනවා.

නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත ඊයේ (14) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉතිහාසය විසින් රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කරනු ඇති බවයි.

මීට පෙරද චෝදනාවන්ට එරෙහිව රාජිත සේනාරත්න මහතාට නඩු පැවරුණු නමුත් ඒවා සකසන ලද නඩුවක් ලෙසින් මහාධිකරණය විසින් තීන්දු කොට නිදොස් කොට නිදහස් කළ බව චතුර සේනාරත්න එහිදී කියා සිටියා.

එමෙන්ම තම පියා වන රාජිත සේනාරත්න අල්ලස් පනත ගෙනඒම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අයෙක් බව ද ඔහු පෙන්වාදෙනවා.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ චතුර සේනාරත්න,

“ තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් ආණ්ඩුව පෙරලනවා. මම අද කිව්වා කියලා මතක තියාගන්න ඉතිහාසය විසින් රාජිත සේනාරත්නයන්ව නිදොස් කොට නිදහස් කරාවි. අපේ මුළු ජීවිතේ කාලෙටම අපි සටන් කළේ, දූෂණයට එරෙහිව.  94 දී අල්ලස් පනත ගේනකොට ,  ඒකට එක්සත් ජාතික පක්ෂය සහයෝගය දිය යුතු ඇතැයි, මොකද එවකට 17 අවූරුදු පාලනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය මෙම පනතට සහයෝගය දිය යුතු ද නැද්ද කියලා ඇතුළෙදි විශාල බෙදීමක් තිබ්බා. නමුත් එවකට වමේ ඉඳන් යූ.එන්.පී එකට ගිහිල්ලා හිටපු රාජිත සේනාරත්න එවකට මන්ත්‍රීවරයා තමයි යෝජනාව ඉදිරිපත් කරේ, එවකට විපක්ෂ නායක ගාමිණි දිසානායකට මේ අල්ලස් පනතනට සහයෝගය දිය යුතුයි කියලා.

ඒ වගේම 2015 රජයේදී එක්සත් ජාතික පක්ෂය සමග අපේ සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය  ඒකාබද්ධ වෙලා, සන්ධානගත වෙලා ජාතික පෙරමුණ ගොඩ නැගුවා ඒ මැතිවරණයට. ඒ සඳහා අපි තමයි  ඉදිරිපත් කළේ ,ඒ ආණ්ඩුවට මේ දැවැන්ත නූතන අල්ලස් හා අකටයුතුකම්  ඒ නීතීවිරෝධි වත්කම් විමර්ෂනය කිරීමට නූතන පනතක්  මේ රටේ බිහි කළ යුතුයි කියලා. ඒ අරගලය තමයි 2023 අංක 9 දරන පනත යටතේ රනිල් වික්‍රමසිංහ එවකට රජයෙන් ඉදිරිපත් වුණේ. ඒක හින්දා ඒකට අපෙ සම්පූර්ණ සහයෝගය තියෙනවා.

මේ රටේ හොරු අල්ලන්න ඕනේ, ඒ වගේම දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. නමුත් මතක තියාගන්න ඕනේ,චන්ද්‍රිකා රජය රාජිත සේනාරත්නයන්ට විරුද්ධව මේ වගේම නඩුවක් දාලා ඒකේ තීන්දුව මහාධිකරණය දුන්නේ සකසන ලද නඩුවක් කියලා”

The post රාජිත සේනාරත්නගේ පුත්‍රයාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CV6A5BJ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.