දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට රාජ්‍ය නිලධාරින් යොමුකිරීමේදී පෙර සූදානමක් සහිතව වගකිව යුතු නිලධාරින් යොමුකරන්නැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඊයේ (15) අවවාද කළාය.
අගමැතිනිය සඳහන් කළේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය දියත් කිරීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ ඇති වැදගත්කම නිසා මේ බව අවධාරණය කරන බවයි.
සංවර්ධන කටයුතුවලට ඇති බාධක පෙන්වාදීමේදී එය සාධක සහිතව කරුණු මගින් තහවුරු කරන ලෙස පැවසුවාය.
එසේ නොවුවහොත් සම්බන්ධීකරණ රැස්වීමට පැමිණෙන සියලු දෙනා අපහසුතාවයට පත්වන බව ඇය පැවසුවාය.
සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවන්නැයි ඇය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නා ය.
The post අගමැතිනියගෙන් රාජ්‍ය නිලධාරින්ට අවවාදයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qNJgxIl
via IFTTT

