Loading..

කොළඹ ආරක්ෂාව තර කරයි! අද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්!

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා හෙට (26) දිනයේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියා.

පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බව එම පක්ෂය සඳහන් කළා.

මීට සමගාමීව, ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

The post කොළඹ ආරක්ෂාව තර කරයි! අද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oCOVeRw
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.