Loading..

කුසල් මෙන්ඩිස්ගේ අනර්ඝ පිතිකරණය ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ගෙන දෙයි

2025 ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 18.4 අවසානයේ කඩුළු 4ක් දැවියාමෙන් ලකුණු 171ක් රැස් කරමින්

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

එහිදී, විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ Mohammad Nabi ලකුණු 60ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු නොදැවී ලකුණු 74ක් රැස් කල අතර තරගාවලිය පුරා අති සාර්ථක ඉනිම් ක්‍රීඩ කළ පැතුම් නිස්සංකට මෙම තරගයේදී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 06ක් පමණයි.

කුසල් පෙරේරා ලකුණු 28ක් රැස් කල අතර, කමිල් මිශාර ලකුණු 4ක් රැස්කරා.

ඊට අමතරව නායක චරිත් අසලංක ලකුණු 17ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 26 යි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman ලකුණු 42 කඩුළු 1ක්, Mohammad Nabi ලකුණු 20 කඩුළු 1ක් ද දවා ගත්තා.

The post කුසල් මෙන්ඩිස්ගේ අනර්ඝ පිතිකරණය ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ගෙන දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fLCOxAN
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.