තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රු මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබේ.
එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව ද පොලීසිය විසින් තහවුරු කර ඇත.
මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තා වේ.
මේ අතර, තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.
පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි.
The post තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ මෙරටට ගෙන්වූ පුද්ගලයාව අනාවරණය වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/BIc8gtr
via IFTTT

