Loading..

සජබ නායකත්වය යටතේ එජාප සමග පොදු ගමනක්’! ගත් නවතම තීරණය මෙන්න!

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය ඊයේ

(09) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බව ඔහු සඳහන් කළේය.

රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන ප්‍රශ්න ගැටලුවලට විසදුම් සහ උත්තර ලබා දීමට ප්‍රායෝගික ජනතාවාදී ප්‍රගතිශීලි ජනහිතකාමී ප්‍රතිපත්තිමය එකඟතාව මත මේ ගමන සමගි ජන බලවේගයෙ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

The post සජබ නායකත්වය යටතේ එජාප සමග පොදු ගමනක්’! ගත් නවතම තීරණය මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dOASIq4
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.