Loading..

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවයි.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාවයි.

වෙඩිතැබීම සිදුකළ දිනයේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර, ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී නොතිබුණි.

The post ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UICVPvA
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.