Loading..

නීතීඥවරයා අත්අඩංගුවට ගන්න නිවසට ගිය පොලිසිය හිස් අතින්ම එයි

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වූ සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් සිදුකළා.

එහිදී එම කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවයි.

පසුගිය සිකුරාදා දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේ දී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වී තිබුණා.

එම අවස්ථාවේ අදාළ නීතිඥවරයා ද තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සමඟ පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

The post නීතීඥවරයා අත්අඩංගුවට ගන්න නිවසට ගිය පොලිසිය හිස් අතින්ම එයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/s7HlLiN
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.