Loading..

හිටපු ජනපති මහින්ද නිල නිවස භාර නොදීමට හේතූ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි විජේරාමේ පිහිටි නිල නිවසෙහි ඇති රජය සතු භාණ්ඩ සම්බන්ධයෙන් ලේඛන ලබා ගැනීම සඳහා නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන්, එම නිල නිවස භාරදීමට ප්‍රමාද වී ඇති බව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.

ලේඛන ලබාගැනීම සඳහා අදාළ නිලධාරීන් අද දිනයේදී පැමිණි බවයි ඔහු පවසා සිටියේ.නිවස භාරදෙන ලෙස සඳහන් කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ ලිපිය එවා ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදා බවත්, එහි නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහි ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලයට අයිති රාජ්‍ය දේපළ ඇති බවත්, එම බඩු භාණ්ඩ හඳුනාගෙන ඒවා සලකුණු කරන ලෙසට තමන් දැනුම් දී තිබුණු බවත්, ඒ සඳහා අදාළ නිලධාරීන්ගේ පැමිණීම ප්‍රමාදවීම නිසා නිවස භාරදීමට නොහැකි වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටින්නේ.

මහින්ද ජනාධිපතිවරයා විසින් රජයට අයත් භාණ්ඩ ලොරිවල පටවාගෙන ගියේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට ප්‍රකාශ කළ හැකි බවද, ආණ්ඩුවට අවශ්‍ය මාධ්‍ය සංදර්ශනයක් සිදුකර හිටපු ජනාධිපතිවරයාට ‘මඩක් ගැසීමට’ බවද මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කර සිටිනවා.

The post හිටපු ජනපති මහින්ද නිල නිවස භාර නොදීමට හේතූ කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MgSDzLe
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.