Loading..

ධම්මික පෙරේරා මෙරට ප්‍රකට ව්‍යාපාරික සන්නාමයක් වන හරිස්චන්ද්‍ර ආයතනය මිලට ගනියි

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මිකා පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි 40%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීමට ඊයේ (17) පෙරවරුවේ කටයුතු කර තිබේ.

එහිදී හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමියා වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාගේ ආයෝජන හස්තය වන Senthilverl Holdings (PVT) Ltd සතුව පැවති කොටස් 778,946 ක් එකක් රු. 3,300.00 ක් බැගින් මිල දී ගැනීමට ධම්මික පෙරේරා මහතා විසින් කටයුතු කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කර සිටී. මෙය රු. බිලියන 2.57ක ගනුදෙනුවකි.

මෙය ධම්මික පෙරේරා මහතා විසින් මෙම වසරේ ව්‍යාපාර අත්පත් කර ගැනීමක් සිදුකළ සිව්වැනි අවස්ථාව වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේ ඔහුගේ ආයෝජන සමාගම වන වැලිබල් වන් හා අනුබද්ධ LB ෆිනෑන්ස් පීඑල්සී විසින් තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ Associated Motor Finance Company PLC සමාගමේ බහුතර කොටස් අයිතිය අත්පත් කර ගන්නා බව නිවේදනය කර තිබුණි.

මේ අතර 2025 වර්ෂය තුළ දී ධම්මික පෙරේරා, තවත් දැවැන්ත ව්‍යාපාර අත්පත් කර ගැනීම් දෙකකට මුලපිරූ අතර එහිදී ලාෆ්ස් හෝල්ඩිංග්ස් සහ වැලිබල් ත්‍රී සමාගමේ එක්වීම කැපීපෙනේ. මීට අමතර  2025 ජූලි 08 දා EAST WEST PROPERTIES PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ද ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා කටයුතු කළේය. ඒ වෙනුවෙන් රු. බිලියන 3.23ක් ඔහු විසින් ආයෝජනය කර තිබුණි.

The post ධම්මික පෙරේරා මෙරට ප්‍රකට ව්‍යාපාරික සන්නාමයක් වන හරිස්චන්ද්‍ර ආයතනය මිලට ගනියි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/u4byjpk
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.