Loading..

ත්‍රිවිධ හමුදාවේ පනස් හතරදහසක් මිසින්

නිවාඩු ලබා නොගෙන විවිධ හේතූන්මත සේවය අතහැරගොස් ඇති ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිල දරණ සංඛ්‍යාව 54087ක් බව අඊයේ (08) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

මේ බව අනාවරණය කරමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ නිවාඩු ලබානොගෙන සේවයට නොපැමිණෙන යුධ හමුදාවේ නිලධරීන් 385 දෙනෙකු සිටින බවත් යුධ හමුදාවේ සෙසු නිලයන් 47265ක් ද ඒ අතර සිටින බවයි.

එසේ නිවාඩු ලබා නොගෙන සේවයට නොපැමිණෙන ගුවන් හමුදා නිලධාරීන්ගේ සංඛ්‍යාව 46කි.
එහි සෙසු නිලයන් 3396 ක් ද සේවයට වාර්තා කර නොමැති බව සඳහන්.

එමෙන්ම නාවික හමුදාවේ නිලධරීන් 87ක් ‍සහ සෙසු නිලයන් 3108 ක් ද එලෙස නොදන්වා සේවයට වාර්තා නොකර තිබෙනවා. 

මීට අමතරව නිවාඩු ලබානොගෙන විදෙස් ගතව සිටින යුධ හමුදා නිලධාරීන් සංඛ්‍යාව 232 කි. එහි සෙසු නිලයන් 93දෙනෙක්ද සිටිනවා.

ඒ ආකාරයට විදේශගතව සිටින නාවික හමුදාවේ නිලධාරීන් සංඛ්‍යාව 64 කි. සෙසු නිලයන් සංඛ්‍යාව 19 කි.

ඒ ආකාරයෙන් ම නිවාඩු නොගෙන විදේශගතව සිටින ගුවන් හමුදාවේ නිලධාරීන් සංඛ්‍යාව 15 කි. සෙසු නිලයන්ගේ සංඛ්‍යාව 05 කි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

The post ත්‍රිවිධ හමුදාවේ පනස් හතරදහසක් මිසින් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TBijzdf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.