ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි 24 හැවිරිදි හිමිනමකි.
උන්වහන්සේ ඉකුත් 26 දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.
The post උඩු මහලින් වැටුණු හිමි නම අපවත් වෙති appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/J8xjuip
via IFTTT

