Loading..

අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සහ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන්ය.

කෙසේ වෙතත්, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

The post අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Fcy9laj
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.