Loading..

සිංහ පැටවුන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි! නවසීලන්ත තරඟයෙනුත් අන්ත පරාජයක්!

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අද (25) අහිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තීරණාත්මක තරගයේ නවසීලන්තය ලබාදුන් ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණි.

එම පරාජයත් සමග සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

The post සිංහ පැටවුන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි! නවසීලන්ත තරඟයෙනුත් අන්ත පරාජයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5AUQ8kP
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.