Loading..

අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දක්වන සක්‍රීය කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව සිය ප්‍රසාදය පළ කළාය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝග මෙන්ම මෑතකාලීන ස්වභාවික විපත් හේතුවෙන් සිදු වූ හානි කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය.

රජය විසින් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය සිය නිල නිවේදනය මගින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබේ.

The post අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/v5x1JWf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.