Loading..

වෙසක් පොහොය යෙදෙන හරිම දිනය මෙන්න

මෙරට සම්ප්‍රදායික චන්ද්‍ර දින දර්ශනයට අනුව යෙදෙන අධි මාස තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය මැයි මස 30 වැනිදා සැමරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

සාමාන්‍ය දින දර්ශනයට අනුව වෙසක් පොහොය මැයි මස 01 වැනිදාට යෙදී තිබුණද, අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා කළ ඉල්ලීමක් පරිදි මෙම සංශෝධනය සිදු කර ඇත.

වසර කිහිපයකට වරක් උදාවන අධි මාස තත්ත්වය (අධි වෙසක්) මෙවරත් බලපා ඇති බැවින්, ශාසනික සම්ප්‍රදායන්ට අනුකූලව වෙසක් උත්සවය මැයි මස අගට යොමු කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

නව සංශෝධනයට අනුව මෙවර වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

The post වෙසක් පොහොය යෙදෙන හරිම දිනය මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pjRiQcs
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.