ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවය.
කළුතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“ජී.එල් පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතිව පාරට බැහැලා කරන්න කියන්න. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන. එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා, අරහෙට වඩා එකක් තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. ඒවා වැඩක් නැහැ. වචන වැඩක් නැහැ.
අපි ජාතික ජනබලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.
මේ සැප්තැම්බර් 5වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්නකෝ.”
The post ජනපතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා විශේෂ ජනරැලි මාලාවක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/U8ETtxJ
via IFTTT

