Loading..

ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?

මැදපෙරදිග ගැටුම් මෙතෙක් අවසන් වී නොමැති බැවින් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමමුවේදී ඊයේ (25) නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුව මෙතෙක් අවසන් වී නොමැති බැවින් තවදුරටත් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවය.

කෙසේ වෙතත් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය යොදුවත් ඉන්ධන පරිභෝජනය අඩුව ඇත්තේ යම් සීමාවකින් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජන ජීවිතය අඩාල නොවන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මෙම ක්‍රමවේදය භාවිත කරන බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“යුදමය තත්ත්වය තවම අවසන් වෙලා නෑ. ඔබ දන්නවානේ හෝමූස්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් බැරල් මිල ඉහළ යනවා ටිකක් අඩු වෙනවා. තෙල් අර්බුදය තවම විසඳිලා නෑ. රටක් හැටියට දෛනික ජන ජීවිතය අඩාල නොවන ආකාරයට උපරිම වශයෙන් පවත්වාගෙන යාමට තමයි මේ තත්ත්වය උපයෝගී කරගෙන තිබෙන්නේ. මම කළිනුත් කිව්වා තෙල් මිල වැඩිවෙලාත්, QR කෝඩ් එක දාලාත් ඩීසල් අඩුවෙලා තියෙන්නේ 10%යි. පෙට්‍රල් අඩුවෙලා තියෙන්නේ 9%යි පරිභෝජනය. අත්‍යවශ්‍යමය කොටස්වලට ලබා දෙනවා. මම හිතන්නේ තව ටික කාලයක් තෙල් සංස්ථාව කියාවි අපිට මේ විදිහට යන්න සිදුවෙයි කියලා.”

The post ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xAY6Q7P
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.