පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වසරේ අවසාන භාගයේදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පවසයි.
ආසියානු කලාපයට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වැඩි අවධානයක් අවශ්‍ය රටක් ලෙස හඳුනාගෙන ඇති අතර, ගංවතුර, ජලයෙන් යටවීම් සහ කෘෂිකාර්මික කටයුතුවලට එල්ල විය හැකි බලපෑම් සඳහා පූර්ව සූදානම් වීමට තවමත් කාලය පවතින බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ ජලාශ රැසක් සිඳී ගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේය.
එල්නිනෝ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
The post එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කාලගුණය උඩු යටිකුරු වෙන ලකුණු appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/25CDvXc
via IFTTT

