Loading..

සජීවී රූපවාහිනී විකාශයක් අතරතුර වෙඩි කෑ දේශපාලනඥයා


අපරාධ සිදුවීම් 100කට වැඩි සංඛාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඉන්දීය හිටපු දේශපාලනඥයෙකු සාහසික වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබේ.

රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර මෙසේ ඝාතනයට ලක්වුණේ උත්තර් ප්‍රාන්ත හිටපු දේශපාලනඥයෙකු වන අතීක් අහ්මඩ් ය.

අතීක්ට අමතරව ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහ්මඩ් ද එම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව තිබේ.

පොලීසිය බලා සිටියදීම වෙඩිතැබීම සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතරට වෙඩික්කරුද අයත්ය.

සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා තිබේ.

ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විමර්ශන ක්‍රියාත්මකය.

මීට දෙදිනකට පෙර අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී මියගොස් තිබුණි

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.