ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය 15 වන ටෙස්ට් ශතකය වාර්තා කරගැනීමට සමත්විය.
සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු එම දක්ෂතාවය දැක්වීමට සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 132ක් ලබා සිටී.
අද තරගය සඳහා නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සධිර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසුරිය, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ශ්‍රි ලංකා කණ්ඩායමට එක්කර තිබේ


