Loading..

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බවය.

ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ඉන් දන්වා තිබේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

The post ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eTN3aVA
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.