Loading..

Tik tok ගැන තවත් තීරණයක්


 TikTok තහනම් කරමින් නීතී සම්පාදනය කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය ලෙස මොන්ටානා ප්‍රාන්තය පත්ව තිබේ.

අදාළ තහනම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත 43ට 54ක් ලෙස වැඩි ඡන්ද 11කින් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අදාළ නීතියට මොන්ටානා ආණ්ඩුකාර ග්‍රේග් ගේන්ෆෝර්ට් අත්සන් කළහොත් ලබන ජනවාරි මාසයේ සිට එම ප්‍රාන්තයේ TikTok තහනම බලාත්මක වනු ඇත.

TikTok පරිශීලකයින්ගේ දත්ත එක්රැස් කීරීම හරහා ජාතික ආරක්ෂාවට අවධානමක් එල්ල වන බැවින් අමෙරිකාව තුළ ක්‍රමානුකූලව TikTok තහනම් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.